31 March 2025


පනාමුර ප්‍රදේශයට වැස්සෙන් දැඩි බලපෑම්



ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයට අද (⁣27) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාව සමඟ එම ප්‍රදේශයේ පස් කඳු කඩාවැටීම් සිදුවී  තිබෙනවා.

පනාමුර පොලිස් වසමේ කැම්පනේ, ඕමල්පේ, ගොඩවෙල, දාපනේ දොරපනේ යන ප්‍රදේශවලට මේ හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

පස් කඳු කඩා වැටීමෙන් මෙම ප්‍රදේශයේ මාර්ග රැසක ගමනාගමනයටද බාධා එල්ල වී ඇති අතර ජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

(colombotimes.lk)