27 November 2025

logo

හෙම්මාතගම - ගම්පොළ මාර්ගය අවහිර වෙයි



මහනුවරට පිවිසෙන විකල්ප මාර්ගයක් වන හෙම්මාතගම - ගම්පොළ මාර්ගය මේ වන විට සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

ඒ දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ බැම්මක් කඩා වැටීම හේතුවෙන්. 

එමෙන්ම ගම්පොළ හරහා මහනුවරට ගමන් කරන රියදුරන් මෙම මාර්ගය භාවිතයෙන් වළකින ලෙසත් ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටිනවා. 

(colombotimes.lk)