02 July 2025

logo

IPL ඉතිහාසයේ වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා මෙන්න



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිශාබ් පාන්ට් ඉන්දීය රුපියල් කෝටි 27කට මිලදී ගෙන තිබෙනවා.

ඒ ලක්නව් සුපර් ජයන්ස් කණ්ඩායම විසින්.

එය වාර්තා වුණේ IPL ඉතිහාසයේ ක්‍රීඩකයෙක් අලෙවි වූ වැඩිම මුදල ලෙසයි.

ඒ අනුව අද (24) දිනයේදීම ශියාස් අයියර් සතුව තිබූ IPL ඉතිහාසයේ වටිනාම මුදලට හිමිකම තමා සතුකර ගැනීමට රිශාබ් සමත් වුණා.

මෙවට වෙන්දේසියේදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ශියාස් අයියර් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 26.75ක මුදලකටයි.

(colombotimes.lk)