19 September 2025

logo

මැයි මාසයේ මෙරට උද්ධමනයට වුණ දේ මෙන්න



2023 මැයි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. 

ඒ අනුව, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ 2023 අප්‍රේල් මාසයයේදී 33.6% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 මැයි මාසය සඳහා 22.1%ක් දක්වා පහත වැටී ඇති බවයි. 
 
2023 අප්‍රේල් මාසයයේදී 27.1%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) ද 2023 මැයි මාසය සඳහා 15.8 %ක් දක්වා පහත වැටී තිබෙනවා. 
 
එමෙන්ම, අප්‍රේල් මාසයේදී 39.0%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) මැයි මාසයේදී 27.6%ක් ලෙස සැලකිය යුතු අගයකින් පහත වැටී ඇති බව සඳහන්.
(colombotimes.lk)