2012 වසරේදී භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම සම්බන්ධයෙන් පැවති නඩුවකට අදාළව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ තවත් සිව්දෙනෙක් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා කොළඹ මහාධිකරණය අද (21) ප්‍රතික්ෂේප කළා.
විත්තිකරුවන් විසින් ඔවුන්ට එරෙහිව ගොනුකර ඇති අධිචෝදනා පත්‍ර පවත්වාගෙන යාමේ හැකියාව අභියෝගයට ලක් කරමින් මූලික විරෝධතා ඉදිරිපත් කළ බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව අධිචෝදනා පත්‍ර ඉදිරියට ගෙන යාමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද තීන්දු කළා.
2012 වසරේදී භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම හරහා රජයට රුපියල් මිලියන 1,843.3ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අජිත් නිවාඩ් කබ්රාල් සහ තවත් සිව්දෙනෙක්ට එරෙහිව අධිචෝදනා පත්‍ර ගොනු කර තිබෙනවා.
අනතුරුව මෙම නඩුව අප්‍රේල් 4වනදා කැඳවන ලෙස නියෝග කළා.
(colombotimes.lk)