27 November 2025

logo

කලාඔයේ පහත් බිම්වලට අධි ගංවතුර අනතුරු ඇඟවීමක්



වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් කලාඔය නිම්නයේ පිහිටි පහත් බිම් ප්‍රදේශ සඳහා අධි ගංවතුර අවදානම් තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කලාවැව දැනට උපරිම ධාරිතාවයෙන් විවෘත කර තත්පරයට ඝන අඩි 44,000ක් පමණ ජල ප්‍රමාණයක් රාජාංගනය ජලාශයට මුදා හරිමින් පවතින බවයි.

රාජාංගනය ජලාශයෙන් ද ඉදිරි පැය කිහිපය තුළ තත්පරයට ඝන අඩි 35,000ක් පමණ ජල ප්‍රමාණයක් නැවතත් කලාඔයට මුදා හැරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව රාජාංගනය, නොච්චියාගම, වනාතවිල්ලුව, කරුවලගස්වැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහළ ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ අධි ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි සඳහන් වන්නේ. 

(colombotimes.lk)