20 December 2025

logo

මරණ දෙකකින් අවසන් වුණ පෙරහර (PHOTOS)



නමුනුකුළ බූටා වත්තේ වාර්ෂික රදම් පෙරහැරේ රදම් කරත්තය අධිබලැති විදුලි රැහනක පැටලීම හේතුවෙන් විදුලි සැර වැදුණ පුද්ගලයන් දෙදෙ‍නෙක් ජීවිතක්ෂයට පත්වී තවත් තිදෙනෙක් තුවාල ලබා පස්සර දිසා රෝහලට ඇතුලත් කර තිබෙනවා. 

ඊයේ 23 වනදා දවහල් ආරම්භ කළ රදම් පෙරහැර අද (24)අළුයම වනතෙක් පැවති අතර‍ පෙරහැර අවසන් කර රදම් කරත්තය කෝවිලට රැගෙන යද්දී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. 
 
රදම් කරත්තය ඉහලට සවිකර ඇති කොටස මෙසේ අධිබලැති විදුලි රැ‍හැනේ පැටලීමෙන් මෙම අනතුර සිදුව තිබුණා. 
 
මියගොස් ඇත්තේ එම වත්තේම පදිංචි 27 සහ 37 යන වයස් වල පසුවන්නන් දෙදෙනෙක්.
(colombotimes.lk)