20 August 2025

logo

ගාලු කොටුවේ ඓතිහාසික ගොඩනැගිල්ලක් කඩා වැටෙයි



ලෝක උරුම ගාලු කොටුවේ ඓතිහාසික ගොඩනැගිල්ලක කොටසක් සහ එහි තාප්පය පසුගිය දිනවල ඇදහැළුණු වර්ෂාවත් සමඟ කඩා වැටී තිබෙනවා.

ප්‍රදීපාගාර වීදියේ පිහිටි මෙම ගොඩනැගිල්ල 18වන සියවසේදී ගාල්ල කොටුව අත්පත් කරගෙන සිටි ඕලන්ද ජාතිකයන්ට සහය දැක්වූ දේශීය පවුලක් ජීවත් වූ පැරණි නිවසක් බවයි වාර්තා වන්නේ.

මුහුදු කොරල් භාවිතා කර බිත්ති බැඳ තිබූ මෙම ගොඩනැගිල්ල කාලයක සිට අබලන් වුවත් එය මේ වන විට විදේශිකයෙක් සතුව පවතිනවා.
 
මෙම ගොඩනැගිල්ල සහ ඉඩම එම විදේශිකයා විසින් මීට වසර 25කට පමණ පෙර මිල දී ගත්තද එහි කිසිදු අලුත්වැඩියා කටයුත්තක් සිදුකර නොමැති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)