හොලිවුඩ් නළු නිළියන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වී තිබෙනවා.
Screen Actors Guild-American Federation of Television and Radio Artists (SAG-AFTRA) හි සභාපති Fran Drescher ලොස් ඇන්ජලීස් හි පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබෙන්නේ හොලිවුඩ් නළුවන් නියෝජනය කරන සංගමය වර්ජනයකට යන බවයි.
රංගන ශිල්පීන් 160,000ක් පමණ මධ්‍යම රාත්‍රියේ වැඩ නතර කරනු ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ අනුව එක්සත් ජනපදයේ චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදනවලින් අතිමහත් බහුතරයක් නවතිනු ඇති බවයි වාර්තා වන්නේ.
Cillian Murphy, Matt Damon සහ Emily Blunt යන ශිල්පින් ලන්ඩනයේ පැවති ක්‍රිස්ටෝපර් නෝලන්ගේ Oppenheimer හි මංගල දර්ශනයෙන් ඉවත්ව ගොස් වැඩ වර්ජනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
කෘත්‍රිම බුද්ධිය සහ පරිගණකයෙන් නිපදවන ලද මුහුණු සහ කටහඬ, නළුවන් වෙනුවට භාවිත නොකරන බවට සහතිකයක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම වර්ජනය ආරම්භ කර ඇති බව සඳහන්.
(colombotimes.lk)