01. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට ඇප
අසත්‍ය පැමිණිල්ලක් සිදු කිරීමේ චෝදනාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ඇප මත මුදාහැර තිබෙනවා.
මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු ඇප මත මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.
සංවිධානාත්මක අපරාධකරුවෙක් මරණ තර්ජනය කළ බවට අසත්‍ය පැමිණිල්ලක් සිදු කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රාගම ප්‍රදේශයේ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ප්‍රියන්ත ජයකොඩි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ පසුගිය ජූලි 28වනදායි.
02. හෙලිකොප්ටර් අනතුරක් - 08ක් ජීවිතක්ෂයට
අප්‍රිකානු රාජ්‍යයක් වන ඝානාවේ හෙලිකොප්ටර් අනතුරක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමාත්‍යවරු දෙදෙනෙක් ඇතුළු පුද්ගලයන් 8දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.
එරට ආරක්ෂක අමාත්‍ය එඩ්වඩ් ඕමානේ බෝමා සහ පරිසර, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ඊබ්‍රහිම් මුර්තලා මුහම්මද් යන අමාත්‍යවරුන් මෙලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
ඝානා රාජ්‍යයේ සිදුවන නීති විරෝධී පතල් කැණීම් මැඩපැවැත්වීම සඳහා ඔබුආසි නගරයට යමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.
03. ඇමරිකාව මෙරටට පැනවූ තීරු බදු අද සිට
ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ 20%ක තීරු බදු අද (07) සිට බලාත්මක වන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
පසුගිය අප්‍රේල් 2වනදා ඇමරිකාව ශ්‍රී ලංකාවට 44%ක තීරු බද්දක් ප්‍රකාශයට පත් කළ අතර, අනතුරුව එම අනුපාතය ලිහිල් කරගැනීම සඳහා ඇමරිකානු වෙළෙඳ නියෝජිත ආයතනය සමඟ ආණ්ඩුව සාකච්ඡා කළා.
එහි ප්‍රතිඵලයක් ලෙස බදු ප්‍රතිශතය 30%ක් දක්වා අඩු කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
එම බදු ප්‍රතිශතයද තවදුරටත් අඩු කරගැනීම වෙනුවෙන් ආණ්ඩුව පසුගිය දිනවල සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ අතර එහිදී ඇමරිකාව, ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20% ක් දක්වා අඩු කිරීමට කටයුතු කළා.
04. ට්‍රම්ප්ගේ අමතර තීරු බදු පැනවීමට ඉන්දියාව උත්තර දෙයි
රුසියාවෙන් අඛණ්ඩව සිදු කරන තෙල් ආනයනයට විරෝධය පෑමක් ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ අමතර 25%ක තීරු බද්ද සම්බන්ධයෙන් ඉන්දියාව සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති බවයි.
ඒ අනුව නව තීරු බදු පැනවීම සම්පූර්ණයෙන් අසාධාරණ සහ කිසිඳු පදනමක් නොමැතිව සිදු කරන ලද්දක් බව එම නිවේදනයේ සඳහන් වනවා.
එමෙන්ම ඉන්දියාව සඳහන් කළේ රුසියාවෙන් සිදු කරන තෙල් ආනයනය සම්බන්ධයෙන් ඉතා පැහැදිලිව සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කර ඇති බවයි.
එම ආනයනයන් වෙළඳපොළ සාධක මත පදනම් වී ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.
05. ගම්පහ ප්‍රදේශ කිහිපයකට අනිද්දා ජල කප්පාදුවක්
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට එළඹෙන සෙනසුරාදා (09) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව උදෑසන 10.00 සිට පස්වරු 08.00 දක්වා පැය 10ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ.
නිට්ටඹුව, කන්දහේන, මාපගොල්ල, කෝංගස්දෙනිය, පින්නගොල්ලවත්ත, කෝලවත්ත, ගොරකදෙනිය, රණ්පොකුණුගම නිවාස යෝජනා ක්‍රමය, බටලීය, අත්තනගල්ල, පස්යාල, ඌරාපොල, දික්කන්ද, මීවිටිගම්මානය, මාඉඹුල, මාතලාන, හග්ගල්ල, අලවන, කලල්පිටිය, ඇලමුල්ල යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
06. බ්‍රසීලයෙන් ලෝක වෙළෙඳ සංවිධානයට පැමිණිල්ලක්
එක්සත් ජනපදය විසින් පනවා ඇති 50% තීරුබදු සම්බන්ධයෙන් බ්‍රසීලය ලෝක වෙළෙඳ සංවිධානයට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සාමාන්‍යයෙන් ලෝක වෙළඳ සංවිධානයෙන් මෙලෙස උපදේශන සඳහා ඉල්ලීමක් සිදු කිරීම වෙළෙඳ ආරවුල් ක්‍රියාවලියක පළමු පියවර බවයි.
07. රජයේ වෛද්‍ය නිලධාරී සංගමය රජයට පැය 72ක් කල්දෙයි
වෛද්‍යවරුන් මුහුණ දී ඇති ගැටලුවලට පැය 72ක් අතුළත විසඳුමක් ලබා නොඳුනහොත් එළඹෙන සඳුදා දැවැන්ත වර්ජනයක නිරතවීමට බලාපොරොත්තු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසනවා.
ඔහු කියා සිටියේ රටපුරා සමානාත්මතාවයෙන් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමක් නැතිවීම හේතුවෙන් වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේදී විශාල ගැටළුවක් මතුවී ඇති බවයි.
එමෙන්ම ශ්‍රේණි වෛද්‍යවරුන් 23,000කට ආසන්න පිරිසක් මෙම පද්ධතියේ යෙදී සිටින අතර ස්ථාන මාරු ක්‍රියාවලිය නිවැරදිව ක්‍රමවත්, පාරදෘශ්‍ය හා කාර්යක්ෂම ලෙස සිදු විය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)