01. ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අද රාත්‍රියේ
2025 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (03) රාත්‍රියේ නිකුත් කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම පසුගිය 22වනදා සිට 27වනදා දක්වා සිදු කළ බවයි.
02. අපරාධකරුවන් 30ක් කොටුවෙයි
පොලිස්පතිගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙන අපරාධ හා මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලට අදාළව ඊයේ (02) සිදු කළ වැටලීම්වලදී අපරාධකරුවන් 30දෙනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ් පුද්ගලයන් 26015දෙනෙක් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.
ඊට අමතරව සැකපිට පුද්ගලයන් 789දෙනෙක්, දින වරෙන්තුකරුවන් 269දෙනෙක්, විවෘත වරෙන්තුකරුවන් 174දෙනෙක් සහ බීමත් රියැදුරන් 48දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අපරික්ෂාකාරී රිය පැදවීම් 27ක් සහ රථ වාහන වැරදි 3737ක් ද වාර්තා වූ බවයි.
03. විශේෂ පනත් කෙටුම්පතකට කථානායකවරයාගේ සහතිකය
සූදු නියාමන අධිකාරී පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය හිමිවී තිබෙනවා.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊට අදාළ අනුමැතිය ලබාදෙමින් කථානායකවරයා සිය සහතිකය ලබාදුන් බවයි.
04. ට්‍රම්ප්ගෙන් චීන ජනපතිට චෝදනාවක්
චීනයේ 80වන විජයග්‍රාහී සැමරුමට සහභාගී වූ චීන ජනපති ෂී ජිංපින් එක්සත් ජනපදයට එරෙහිව කුමන්ත්‍රණයක් සිදු කරන බවට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර තිබෙනවා.
ඒ එම විජයග්‍රාහී සැමරුම පැවැත්වෙන අතරතුර සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින්.
දෙවන ලෝක යුද්ධයේදී ජපානය චීනයට යටත් වීමේ 80වන සංවත්සරය සනිටුහන් කළ හමුදා පෙළපාළිය අද (03) චීනයේදී පවත්වා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීන ජනාධිපති ෂී ජිංපින්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙම යුද සැමරුමට සහාභාගී වූ බවයි.
05. පූජිත් ජයසුන්දර චෝදනාවකින් නිදහස්
පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙක්ට සාපරාධි බලහත්කාරය හා බියගැන්වීම් කළ බවට එල්ල වූ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස් කිරීමට නියෝග කර තිබෙනවා.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.