01. මෙම වසර තුළ මෙරටට ආනයනය කළ වාහන ගණන හෙළි කරයි
ජනවාරි 01වනදා සිට සැප්තැම්බර් 03වනදා දක්වා වාහන ආනයනයට අදාළව ණයවර ලිපි 30,594ක් විවෘත කර ඇති බව මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.
මුදල් අමාත්‍යාංශයේ සහ රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම කාරක සභාව හමුවේ සඳහන් කළේ එම ණයවර ලිපිවල වටිනාකම රුපියල් බිලියන 1491ක් වන බවයි.
මේ දක්වා වාහන 220,026ක් මෙරටට ආනයනය කර තිබෙනවා.
ඒ අතරින් වාහන 154,537ක් රේගු දෙපාර්තමේන්තුව විසින් නිදහස් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
යතුරුපැදි 98,923ක්, කාර් රථ 40,323ක්, ත්‍රිරෝද රථ 9,025ක් සහ වානිජ වාහන 5,368ක් ආනයනය කර තිබෙනවා.
එම නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ මේ හරහා රුපියල් බිලියන 429ක බදු ආදායමක් රැස් කරගෙන ඇති බවයි.
02. අධිකරණ පද්ධතියේ ගෙවීම් කළ හැකි අළුත් ක්‍රමයක්
මහජනතාව විසින් අධිකරණ පද්ධතියට කරන ගෙවීම් ස්වයංක්‍රීයකරණය කිරීම සඳහා මූලික පියවරක් වශයෙන් කාඩ්පත් මඟින් ගනුදෙනු පහසුකම් අධිකරණ පද්ධතියට හඳුන්වාදීම සිදුකර තිබෙනවා.
මෙම ගෙවුම් පද්ධති ස්වයංක්‍රීයකරණය මඟින් ඉදිරියේදී මහේස්ත්‍රාත් අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා වන අධිකරණ දඩ ගෙවීම්, නඩු ගාස්තු, මුද්දර ගාස්තු සහ සහතික පිටපත් ගාස්තු යන සියලුම ගෙවීම් කාඩ්පත් මඟින් සහ මාර්ගගත ගෙවීම් පද්ධතිය හරහා අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීමට මහජනතාවට පහසුකම් සැලසෙන බවයි වාර්තා වන්නේ.
නීතිඥවරුන්ට සහ මහජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු හා ගෙවීම් සිදු කිරීමේදී ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ් මඟින් ගෙවීමේ පහසුව ඊයේ (10) සිට ලබාදී තිබෙනවා.
03. අධිකරණ නිලධාරීන් 106කට ස්ථාන මාරුවීම්
මහේස්ත්‍රාත්වරුන්, විනිසුරුවරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරීන් 106දෙනෙක්ට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේ අදාළ ස්ථාන මාරුවීම් සැප්තැම්බර් 15වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලබාදී ඇති බවයි.
මහේස්ත්‍රාත්රත්වරුන්, අතිරේක මහේස්ත්‍රාත්වරුන්, දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන් සහ රෙජිස්ට්‍රාර්වරුන් සඳහා මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
අධිකරණ සේවා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ මීට අමතරව අධිකරණ පුහුණු ආයතනයේ පුහුණුව ලැබූ 17දෙනෙක් මහේස්ත්‍රාත්වරු, අතිරේක දිස්ත්‍රික් විනිසුරුවරුන් ලෙස පත්වීම් ලබා ඇති බවයි.
04. ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන්ගමන් යළි අරඹයි
නේපාලයේ පැවති නොසන්සුන්කාරී තත්ත්වය මත වසා දමා තිබුණු කත්මන්ඩු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් යළි විවෘත කර තිබෙනවා.
ඒ සමඟම ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන් ගමන් ද යළි ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-181 දරණ ගුවන් යානය අද (11) උදෑසන 8.15ට කටුනායක ගුවන්තොටුපොළෙන් නේපාලයේ කත්මන්ඩු නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.
නේපාලයේ පැවති අරගලකාරී තත්ත්වය මත එරට ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වසා දැමීම නිසා ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන් ගමන් අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය ඊයේ (10) දිනයේදී පියවර ගෙන තිබුණා.
05. රථ වාහන රාජකාරිවල නිරත වන පොලිස් නිලධාරීන්ගේ නිළ ඇඳුමට කැමරාවක්
රථ වාහන වැරදි අවම කිරීමේ අරමුණින් රථවාහන රාජකාරිවල නිරත වන පොලිස් නිලධාරීන්ට නිළ ඇඳුමේ පැළඳිය හැකි කැමරාවක ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුඩ්ලර් සඳහන් කළේ සෑම පොලිස් නිලධාරියෙක්ටම ඉදිරි සති කිහිපය තුළ එම කැමරා ලබාදෙන බවයි.