08 September 2025

logo

වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේ අනතුරක්



වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේ යාලබෝව ලංගම ඩීපෝව ඉදිරිපිට ප්‍රදේශයේදී ලොරි රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අද (08) අනතුරක් සිදු වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් දෙදෙනෙක් තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මෙම අනතුරින් ලොරි රථය මාර්ගය හරහා පෙරළී ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

(COLOMBOTIMES.LK)