20 December 2025

logo

ICC WORLD CUP 2023 | පෙරහුරු තරග සඳහා වන කාලසටහන නිකුත් කෙරේ



2023 ICC ක්‍රිකට් ලෝක කුසලානයේ සියලුම කණ්ඩායම් 10 සඳහා නිල පෙරහුරු තරග පැවැත්වෙන කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

මෙම තරඟ සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 3 දක්වා ඉන්දියාවේ ගුවහාටි, හයිද්‍රාබාද් සහ තිරුවානන්තපුරම් යන ස්ථාන තුන හරහා පැවැත්වෙනවා. 
 
ඒ අනුව ප්‍රේක්ෂකයින්ට අගෝස්තු 25 සිට පුහුණු තරඟ සඳහා ප්‍රවේශපත් මිලදී ගත හැකියි. 
 
ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය 2023 ඔක්තෝබර් 5 වන දින ආරම්භ වන අතර එහි අවසන් තරගය නොවැම්බර් 19 වන දින පැවැත්වෙනු ඇති.
(colombotimes.lk)
World Cup 2023 Warm-up Schedule: Guwahati, Thiruvananthapuram & Hyderabad  host matches from Sep 29