2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියාවට යාම බංගලාදේශය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන්ව ඉවත් කර ඒ වෙනුවට වෙනත් කණ්ඩායමක් ආදේශ කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබෙනවා.
ඒ අනුව උද්ගතව ඇති තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් අද (21) පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී ඡන්ද විමසීමක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී සාමාජිකයන්ගෙන් වැඩි පිරිසක් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශය වෙනුවට වෙනත් කණ්ඩායමක් ආදේශ කරන ලෙස සිය ඡන්දය භාවිත කර තිබෙනවා.
මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ ඉන්දියාවේ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් තම ස්ථාවරය දැනුම් දීම සඳහා බංගලාදේශයට තවත් එක් දිනයක් ලබාදී ඇති බවයි.
බංගලාදේශ කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වුවහොත් C කාණ්ඩය සඳහා බොහෝ විට ස්කොට්ලන්ත කණ්ඩායම එක්වීමට නියමිතව තිබෙනවා.
(COLOMBOTIMES.LK)
