15 January 2026

logo

විශේෂ තීරණයකට ICCය රැස්වෙයි



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) අද (29) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ 2025 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සැලසුම් කළ ලෙස පාකිස්ථානයේ පවත්වනවාද නැතහොත් විකල්ප ස්ථානයක් කරා තරගාවලිය ගෙනයනවාද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගැනීම වෙනුවෙන්.

එහිදී ඔවුන් විකල්ප 03ක් සලකා බැලීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එහි පළමු විකල්පය බහුතරයක් තරග පකිස්ථානයේ පවත්වා ඉන්දියාව සම්බන්ධ තරග පාකිස්ථානයෙන් පිටත පැවැත්වීමයි.

පාකිස්ථානයේ සත්කාරක අයිතිය රඳවා ගනිමින් තරගාවලිය සම්පූර්ණයෙන්ම පාකිස්ථානයෙන් පිටත පැවැත්වීම දෙවන විකල්පය වනවා.

එමෙන්ම තුන්වන විකල්පය ලෙස ඉන්දියාව නොමැතිව මෙම තරගාවලිය පාකිස්ථානයේදීම පැවැත්වීම බවයි වාර්තා වන්නේ.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුණා.

(colombotimes.lk)