25 January 2026

logo

IFC වෙතින් කාන්තා ව්‍යවසායකයින්ට මූල්‍ය පහසුකමක්



ලෝක බැංකු සමූහයට අයත් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 166ක මූල්‍ය පහසුකමක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් බලගැන්වීම සඳහායි.

මෙම මූල්‍ය වැඩසටහනේ විශේෂත්වය වන්නේ ඉන් සැලකිය යුතු කොටසක් කාන්තා ව්‍යවසායිකාවන් සතු ව්‍යාපාර සහ කෘෂිකාර්මික අංශයේ ව්‍යාපාර (Agri-business) සඳහා වෙන් කර තිබීමයි.

මෙහි ප්‍රධාන අරමුණ වන්නේ මෙරට ආර්ථිකය ස්ථාවරත්වයේ සිට තිරසාර වර්ධනයක් කරා මෙහෙයවීමයි.

(colombotimes.lk)