නව පොලිස්පතිවරයා ලෙස පත්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය අද (14) උදෑසන සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.
ඒ පොලිස් මූලස්ථානයේදීයි.
එහිදී නව පොලිස්පතිවරයා සඳහන් කළේ පොලීසියේ ගෞරවය හා පෞඩත්වය රැක ගැනීම වෙනුවෙන් කළ හැකි සෑම දේම තමා සිය රාජකාරිය තුළ ඉටු කරන බවයි.
බියකින් තොරව ජනතාවට ජීවත්විය හැකි පරිසරයක් ගොඩනැගීම තම අරමුණ බවද වැඩ භාරගැනීමෙන් අනතුරුව නව පොලිස්පතිවරයා කියා සිටියා.