ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද (19) උදෑසන කොළඹ වරායට සේන්දු වුණා.
සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගත් බව නාවික හමුදාව ප්‍රකාශ කළා.
එම සබ්මැරිනය දිගින් මීටර් 67.5 කින් යුක්ත වනවා.
කාර්ය මණ්ඩල සාමාජිකයින් 60 දෙනෙකුගෙන් සමත්විත සබ්මැරීනයේ අණදෙන නිලධාරී ලෙස කර්මාන්ඩර් දිවාකර්.එස් කටයුතු කරන බව සඳහන්.
ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් පැවැත්වෙන යෝගා වැඩසටහනක් සඳහා එහි සාමාජිකයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් සහභාගී වීමට නියමිතයි.
නිල සංචාරය නිමා කරමින් ලබන 22 වැනිදා සබ්මැරීනය දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇතැයි, නාවික හමුදාව සඳහන් කළා.
(colombotimes.lk)