colombotimes.lk
සිංහල | English

06 May 2024

IPL 2024 | ලක්නව් කණ්ඩායමට තියුණු ජයක්



IPL තරගාවලියේ ඊයේ (24) පැවති තරගයේ අවසන් පන්දුවාරයේදී තියුණු ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර්ජයන්ට්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, චෙන්නායි සුපර්කින්ග්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කරමින්.

චෙන්නායි ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර්කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 210ක් රැස් කළා.

ලකුණු 211ක ඉලක්කයක් හඹා ගිය ලක්නව් සුපර්ජයන්ට්ස් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයට ලකුණු 17ක ඉලක්කයක් හිමි වුණා.

ඒ අනුව ජයග්‍රාහී ඉලක්කය හඹා යමින් තරගයේ ජය ලක්නව් සුපර්ජයන්ට්ස් කණ්ඩායම හිමි කර ගත්තා.
(colombotimes.lk)