IPL 2024 | දෙවන අවසන් පූර්ව තරගය අද



2024 ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද (24) රාත්‍රී 7.30ට ඉන්දියාවේ චිදම්බරම් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

මෙම තරගය පැවැත්වෙන්නේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතරයි.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වනවා.

මේ වන විට ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ අවසන් මහා තරගයට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.
(colombotimes.lk)