colombotimes.lk
සිංහල | English

06 May 2024

අයි.එස්. ත්‍රස්ත සංවිධානයට අලුත් නායකයෙක්



අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටෙට් ත්‍රස්ත සංවිධානය ඔවුන්ගේ නව නායකයා ලෙස අබු හෆාස් අල් හෂීමි අල් කුරේෂි තෝරාගෙන තිබෙනවා. 

අයි.එස්. ත්‍රස්ත සංවිධානයයි මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කළා. 
 
අබු හෆාස් අල් හෂීමි අල් කුරේෂි ට පෙර, අයි.එස්. නායකයා ලෙස කටයුතු කළේ අබු හුසේන් අල් හුසේනි අල් කුරේෂියි. 
 
ඔහු සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ දී ඝාතනය වුණා. 
 
එම ඝාතනය කළේ තම බුද්ධි අංශ සහ හමුදාව යැයි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසා තිබෙනවා. 
 
නමුත් අයි.එස්. ත්‍රස්ත සංවිධානය පවසා ඇත්තේ අබු හුසේන් අල් හුසේනි අල් කුරේෂි මියගියේ සිරියාවේ හයාත් තහ්රීර් අල් ෂාමාන් කැරැලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් බවයි. 
 
හයාත් තහ්රීර් අල් ෂාමාන් යනු තුර්කි හමුදාවට හිතවත් සන්නද්ධ කණ්ඩායමක් වනවා.
(colombotimes.lk)