16 September 2025

logo

අයිස්ලන්තය සාමකාමී රටවල් අතර පෙරමුණට



2023 ගෝලීය සාම දර්ශකයට අනුව අයිස්ලන්තය අඛණ්ඩව 15 වන වරටත් ලෝකයේ වඩාත්ම සාමකාමී රට ලෙස ශ්‍රේණිගත කර තිබෙනවා. 

මීට අමතරව සිංගප්පූරුව, පෘතුගාලය, ස්ලෝවේනියාව, ජපානය සහ ස්විට්සර්ලන්තය ද පළමු 10 දෙනා අතරට ඇතුලත් වී ඇති බව සඳහන්. 
 
මීට පෙර එම ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ සිටි කැනඩාව, චෙක් ජනරජය, ෆින්ලන්තය සහ ක්‍රොඒෂියාව මෙවර ලැයිස්තුවේ පහළ ස්ථානයක් ගෙන තිබෙනවා. 
 
ගෝලීය වශයෙන් වඩාත්ම සාමකාමී කලාපය යුරෝපය වන බව සඳහන්. 
 
එමෙන්ම ලොව අනතුරුදායක රට ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ ඇෆ්ගනිස්ථානයයි.
(colombotimes.lk)