Idaho විශ්ව විද්‍යාලය අසල සිසුන් 4 දෙනෙකු ඝාතනය කිරීමේ වරදට චෝදනා ලැබූ Bryan Kohberger උසාවියේදී “නිහඬව සිටීමට” තීරණය කර තිබෙනවා.
ඒ, සිය චෝදනාවලට ආයාචනයක් ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කරමින්.
එහිදී ඔහුගේ නීතිඥවරයා පවසා ඇත්තේ තම සේවාදායකයා කිසිදු අයැදුමකට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇති බවයි.
මෙම ඝාතනය සිදුව ඇත්තේ පසුගිය නොවැම්බර් 13 වැනිදා ඝාතනයට ලක්වූ සිසුවන් සිටි නිවස අසලයි.
එහිදී ඝාතනය සිදුවූ ස්ථානයේ වැටී තිබූ පිහි කොපුවක තිබී සොයාගත් DNA ආධාරයෙන් සහ Kohberger මෝටර් රථයට සමාන මෝටර් රථයක් නිරීක්ෂණ වීඩියෝවල සටහන් වීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනුණා.
Bryan Kohberger යනු Ph.D. දක්වා Idaho විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු සිසුවෙක් වීම විශේෂත්වයක්.
(colombotimes.lk)