31 December 2025

logo

IndiGo ගුවන් සමාගම ඉතිහාස පොතට



වාණිජ ගුවන් සේවා ඉතිහාසයේ විශාලතම ගුවන්යානා ඇණවුම ලබාදීමට ඉන්දීය ගුවන් සමාගමක් වන IndiGo ගුවන් සමාගම සමත්වී තිබෙනවා. 

එම සමාගම A320 එයාබස් 500ක් සඳහා ඇණවුම් කර ඇති අතර ඊට අදාළ මිලදී ගැනීමේ ගිවිසුමට ඔවුන් එළඹී ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළා. 
 
එම ඇණවුම ඩොලර් බිලියන 55ක වටිනාකමකින් යුත්ත වන බව සඳහන්. 
 
ඒ සමගම 'IndiGo' සමාගමේ ගුවන්යානා සංඛ්‍යාව 1,330ක් දක්වා ඉහළ යනවා. 
 
එම ගුවන්යානා 2030-35 අතර කාලසීමාවේදී 'IndiGo' සමාගමට ලැබීමට නියමිතයි.
(colombotimes.lk)