17 December 2025

logo

ඕස්ට්‍රේලියාවෙන් හමුවූ අභිරහස් වස්තුව ගැන ඉන්දියාව දෙගිඩියාවෙන් (VIDEO)



ඕස්ට්‍රේලියාවෙන් හමුවූ හඳුනා නොගත් අභිරහස් වස්තුව නියත වශයෙන්ම රොකට් යානයක කොටසක් බව ඉන්දියාවේ අභ්‍යවකාශ ප්‍රධානී Sreedhara Panicker Somanath පවසනවා. 

මෙය ඉන්දියාවට සම්බන්ධ රොකට් යානයක කොටසක් වීමට හෝ නොවීමට ඉඩ ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 
 
එමෙන්ම මේ පිළිබඳව තවමත් තහවුරු කිරීමක් සිදුකළ නොහැකි බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවා. 
 
මීට අමතරව 2014 වසරේදී බටහිර ඕස්ට්‍රේලියානු වෙරළට ඔබ්බෙන් MH370 නම් ගුවන් යානයක් මගීන් 239 දෙනෙකු සමඟ අතුරුදහන් වුණා. 
 
ඒ අනුව බලධාරීන් පවසන්නේ මෙම සුන්බුන් එම ගුවන් යානයට අයත් විය හැකි බවයි.
(colombotimes.lk)