ඉන්දියාවේ ලොකු ළූනු නැවතත් රට පටවයි



ඉන්දියාව විසින් නවතා තිබූ ලොකු ළූනු අප­න­ය­නය කිරීම නැව­ත ආරම්භ කිරී­මට එරට රජය තීර­ණය කර තිබෙනවා.

ලොකු ළූනු අප­න­ය­නය කිරීම නව­තා­ලී­මට ගෙන තිබූ තීර­ණය සම්පූ­ර්ණ­යෙන්ම ඉවත් කිරී­මට එරට රජය තීර­ණය කර නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සීමිත තොග ප්‍රමා­ණ­යක් ඉන්දි­යානු රජය විසින් විදේශ රට­වලට අප­න­ය­නය කිරී­මට තීර­ණය කර තිබෙනවා.

මේ අනුව නැව­තත් ඉන්දි­යානු ලොකු ළූනු මෙර­ටට ගෙන්වී­මත් සමඟ මෙරට ලොකු ළූනු මිල ද පහළ යනු ඇති බවට අපේක්ෂා කෙරෙන බවයි සඳහන් වන්නේ.
(colombotimes.lk)