ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම ආනයන හා අපනයන ගනුදෙනු සම්බන්ධයෙන් ඉන්දියානු සංචිත බැංකුව (RBI) සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහ බැංකුව තීරණයකට එළඹ ඇති බව එම වාර්තා වල සඳහන්.
ඒ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වූ පසුබිමක් තුළයි.
ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අපනයනකරුවන්ට සහ ආනයනකරුවන්ට සිය ගනුදෙනුවලදී දේශීය මුදල් ඒකකවලින් ගෙවීම් කිරීමට අවසර හිමිවන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව වෙළඳ ගනුදෙනුවලදී ඩොලර්වලින් ඔබ්බට ගොස් රුපියල් සහ ඩිරාම් යන මුදල් ඒකකවලින් ගනුදෙනු කිරීම සඳහා ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙළඳ ගිවිසුමක් අත්සන් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)