ඉන්දියාව සිය තුන්වන චන්ද්‍ර මෙහෙයුම හෙවත් චන්ද්‍රයාන්-3 මෙහෙයුම ඊයේ (14) දියත් කළා.
එහිදී ඔවුන් චන්ද්‍රයාගේ ගවේෂණය නොකළ ස්ථානයක් වන දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ගොඩ බැසීමට සැලසුම් කර ඇති බව අනාවරණය වනවා.
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් සඳේ දක්ෂිණ ධ්‍රැවයට ගිය පළමු ජාතිය බවට ඉන්දියාව පත්වනවා.
එමෙන්ම එක්සත් ජනපදය, පැරණි සෝවියට් සංගමය සහ චීනයට පසුව චන්ද්‍ර පෘෂ්ඨය මත යානයක් ගොඩ බැස්සවූ සිව්වන රට ලෙස ඉන්දියාව සැලකෙනවා.
චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය එළඹෙන අගෝස්තු 23 සහ 24 අතර සඳ වෙත ගොඩ බැසීමට නියමිතයි.
(colombotimes.lk)
