20 August 2025

logo

ඉන්දියාවේ අපද්‍රව්‍ය මෙරටට ගලා ඒම ඉහළට



මෝසම් සුළඟත් සමඟ ඉන්දියාවේ සිට පැමිණෙන ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය මෙරට සාගර පද්ධතියට මුසුවීම ඉහළ ගොස් ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.
 
එහි සභාපති සමන්ත ගුණසේකර සඳහන් කළේ කල්පිටිය, මීගමුව, මන්නාරම, යාපනය සහ ඩෙල්ෆ් මුහුදු කලාපවල එම අපද්‍රව්‍ය වැඩි වශයෙන් පවතින බවයි.

ඒ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය ද විශේෂ පරීක්ෂාවක් ආරම්භ කර තිබෙනවා. 

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ඉන්දියාව සමඟ සාකච්ඡා කරන බවයි.

(colombotimes.lk)