ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (21) නිකුත් කළ නවතම ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ උද්ධමනයේ සැලකිය යුතු වැඩිවීමක් සිදු වී තිබෙනවා.
එම වාර්තාවේ සඳහන් වන්නේ නොවැම්බර් මාසයේදී 2.4%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය දෙසැම්බර් මාසයේදී 2.9%ක් දක්වා වැඩි වී තිබෙන බවයි.
එමෙන්ම නොවැම්බර් මාසයේදී 3.6%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය දෙසැම්බර් මාසයේදී 4.4%ක් දක්වා වැඩි වී තිබෙනවා.
ඊට අමතරව නොවැම්බර් මාසයේදී 1.5%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය දෙසැම්බර් මාසයේදී 1.6%ක් දක්වා වැඩි වී තිබෙන බවයි සඳහන් වන්නේ.
(colombotimes.lk)
