2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට සංශෝධන හඳුන්වාදීම සඳහා 2025.05.19 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබෙනවා.
එමෙන්ම සංශෝධිත පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර තිබෙන අතර ඒ සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.
එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
(colombotimes.lk)
