16 October 2025

logo

පොලිස්පති දේශබන්දුගෙන් පාතාලයට රතු එළියක්



මේ මාසය අවසන්වීමට පෙර පාතාලය නිහඬ නොවුණහොත් ඊළඟ මාසය අවසන් වනවිට මත්ද්‍රව්‍ය හා පාතාලය මුළුමනින්ම තුරන් කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ, අද (19) බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පාතාල මර්දන විසුරුවා හැරීමේ සමාරම්භක අවස්ථාවට සහභාගිවෙමින්.

මේ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)