02 July 2025

logo

දුම්රිය ඊ - ප්‍රවේශපත්‍ර ජාවාරම ගැන විමර්ශන අරඹයි



උඩරට දුම්රිය ඊ - ප්‍රවේශපත්‍ර ජාවාරම සම්බන්ධයෙන් වන විමර්ශන මේ වන විට ක්‍රියාත්මක වන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

ඔහු කියා සිටියේ ප්‍රවේශපත්‍ර සඳහා තාක්ෂණික සේවා සපයන ආයතනය සමඟ පසුගියදා සාකච්ඡාවක් පැවති බවයි.

එහිදී තොරතුරු කිහිපයක් අනාවරණය කර ගැනීමට හැකි වී තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එංගලන්තයේ සහ සිංගප්පූරුවේ සංචාරක සේවා සපයන ආයතන කිහිපයක් විසින් ප්‍රවේශපත්‍ර වෙන් කරවාගෙන ඇති බවටත් මෙරට E-mail ලිපින කිහිපයක් හරහා ද ප්‍රවේශ පත්‍ර 05 බැගින් වෙන් කරගෙන ඇති බවටත් අනාවරණය වූ බවයි.

අදාළ තොරතුරු සියල්ල විමර්ශන කටයුතු සඳහා භාර දී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)