colombotimes.lk
සිංහල | English

20 April 2024

අද්භූත වල්ගා තරුවක් වටා ඇති ජල පහරක් හමුවෙයි



අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ පාෂාණමය ග්‍රහලෝක අතර පෘථිවිය අද්විතීය තැනක් ගන්නවා.

එයට හේතුව එහි මතුපිට ඇති විශාල ද්‍රව ජල තට්ටුව නිසා බව කවුරුත් දන්නා කරුණක්.

මෙම ජලය පෘථිවියට පැමිණියේ කෙසේද යන්න පිළිබඳව අදටත් ඇත්තේ අභිරහසක්.

Astronomers have confirmed gas - specifically water vapour - around a comet in the main asteroid belt for the first time. This artist

ඒ අනුව, NASA හි James Webb දුරේක්ෂය විසින් මෙම අභිරහස විසඳීම ආසන්නයට පැමිණ තිබෙනවා.

මෙම දුරේක්ෂය යොදාගනිමින් සිදුකරන ලද පරීක්ෂණයේදී අඟහරු සහ බ්‍රහස්පතිගේ කක්ෂ අතර ඇති පාෂාණමය වළල්ලේ වල්ගා තරුවක් සොයා ගැනුණා.

එහිදී මෙම වල්ගා තරුව වටා ජල වාෂ්ප පවතින බවට ප්‍රථම වරට හෙළිවී තිබෙනවා.

238P/Read is located in the asteroid belt - the ring-shaped region in the Solar System, located between the orbits of Jupiter and Mars. This is unusual, as most orbit in the Kuiper Belt and even more distant Oort Cloud

මෙම වල්ගා තරුව 238P/Read ලෙස නම් කර ඇති අතර, එය වටා ජල වාෂ්ප වළාකුලක් ලෙස පිහිටා ඇති බව නිරීක්ෂණය වුණා.

එම වළාකුල 'කෝමා' ලෙස නම් කර තිබුණා.

එමෙන්ම මෙම වල්ගා තරුව එය සූර්යයාට සමීප වන විට අයිස් දිය වීමට පටන් ගන්නා බවද පරීක්ෂකයින් පවසනවා.

This graphic shows new observations of 238P/Read by James Webb and observations of a Jupiter-family comet, 103P/Hartley 2, by NASA’s Deep Impact mission in 2010. Both show a distinct peak in the region of spectrum associated with water. It marks the first time that a gas has been confirmed in such a main belt comet. However, unlike 103P/Hartley 2, Comet 238P/Read did not show a bump indicating the presence of CO2

ඒ අනුව පෘථිවියට සමීප වල්ගා තරුවක ජලය පැවතීම පෙර නොවූ විරූ දෙයක් ලෙසද ඔවුන් සඳහන් කරනවා.

මෙමඟින් අපගේ ග්‍රහලෝක ඉතිහාසයේ මුල් කාලයේදී, වල්ගාතරු මගින් පෘථිවියට ජලය ප්‍රවාහනය කරන ලද න්‍යායට සහය ලබාදෙන බවද පරීක්ෂකයන් පැවසුවා.

(Vimarshana Samarakoon @ COLOMBO TIMES) 

This image of Comet 238P/Read was captured by the NIRCam (Near-Infrared Camera) instrument on NASA’s James Webb Space Telescope on September 8, 2022. It displays the hazy halo, called the coma, and tail that are characteristic of comets, but not asteroids
The James Webb Space Telescope (depicted here in space) sees the universe in light that is invisible to human eyes