12 February 2026

logo

බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් 07ක් අත්අඩංගුවට



මත්ද්‍රව්‍ය භාවිත කර පෞද්ගලික මගී බස් රථවල සේවයේ යෙදෙමින් සිටි රියදුරන් සහ කොන්දොස්තරවරුන් 07දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පොළෙන් ගමන් ආරම්භ වන සහ පිළියන්දල නගරය හරහා ධාවනය වන පෞද්ගලික බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව‍ය පානය කර තිබේදැයි පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

එම පරීක්ෂා කිරීම් පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පොළේදී ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ විශේෂ බස් රථයක් තුළ සිදුකර තිබෙනවා. 

බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් 170ක් එලෙස පරීක්ෂාවට ලක් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)