දකුණු යුරෝපයට පවතින අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉතාලියේ නගර 16 කට රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉදිරි දින කිහිපයේ දී රෝමය, ෆ්ලෝරන්ස් සහ බොලොග්නා ඇතුළු ප්‍රදේශවලට ද මෙම තත්ත්වය බලපානු ඇති බවයි.
ඒ අනුව රතු අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශවල පුද්ගලයින් පෙරවරු 11.00 සිට පස්වරු 06.00 දක්වා අතර කාලය තුළ සෘජු හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකී සිටින ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.
(colombotimes.lk)