ඉතාලියේ නැගෙනහිර සිසිලියානු නගරයක් වන කැටානියා වෙත ගමන් කරන ගුවන් ගමන් ඊයේ (21) සිට නතර කර තිබෙනවා.
ඒ, එට්නා ගිනි කන්ද පුපුරා යාමෙන් ඇතිවූ අළු ගුවන්තොටුපොළේ ධාවන පථවලට වැටීම හේතුවෙන්.
මෙම ගිනි කන්ද මීටර් 3,330ක (අඩි 10,925) උසකින් යුක්ත වනවා.
එමෙන්ම එය වසරකට කිහිප වතාවක් පුපුරා යන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
නමුත් මෙය අවසන් වරට දරුණු ලෙස පුපුරා ගොස් ඇත්තේ 1992 වසරේදීයි.
මීට අමතරව ගිනි කන්ද අවට මාර්ග සහ මෝටර් රථ අඳුරු දූවිලි තට්ටුවකින් ආවරණය වී ඇති බව සඳහන්.
(colombotimes.lk)