02 July 2025

logo

‘ජේලර්‘ කොලිවුඩ් ආදායම් වාර්තා බිඳහෙලයි



දෙමළ සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත්ගේ රංගනයෙන් වර්ණවත් වූ ‘ජේලර්‘ නවතම චිත්‍රපටය එතෙක් මෙතෙක් දෙමළ සිනමාවේ ඉහළම ආදායම් වාර්තා තැබූ චිත්‍රපටය බවට පත් වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. 

ඒ අනුව දෙමළ සිනමා ඉතිහාසයේ රුපියල් කෝටි 150 සීමාවට ළඟා වූ වේගවත්ම චිත්‍රපටය සහ සතියක් ඇතුළත රුපියල් කෝටි 400 සීමාව ඉක්මවූ පළමු දෙමළ චිත්‍රපටය ලෙසයි එම වාර්තා පවසන්නේ.
 
මීට පෙර එම වාර්තාවට හිමිකම් කී විශිෂ්ට සිනමා අධ්‍යක්ෂ මනිරත්නම්ගේ ‘පොන්නියන් සෙල්වන්-1‘ චිත්‍රපටය අබිබවා ‘ජේලර්‘ චිත්‍රපටය ගොස් තිබෙන බව ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
(colombotimes.lk)