19 September 2025

logo

යුක්‍රේන ගුවන් නියමුවන්ට ජෙට් යානා පුහුණුවක්



යුක්‍රේන ගුවන් නියමුවන්ට අධි බලැති එෆ් සික්ස්ටීන් (F 16) ප්‍රහාරක ජෙට් යානා පැදවීමට පුහුණු කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අනුමැතිය ලබා දී තිබෙනවා. 

ඊයේ (19) ජපානයේ පැවති G 7 සමුළුවේදී ජනාධිපතිවරයා මේ පිළිබඳ සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

මෙම අධිබලැති ප්‍රහාරක ජෙට් යානා භාවිත කිරීමෙන් රුසියාවට එරෙහි යුද්ධයේදී යුක්‍රේනයට වැඩි වාසියක් ලබාගත හැකි බව යුක්‍රේන ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කරනු ලැබුවා. 
 
එමෙන්ම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිශී සුනක්ද ඇමරිකාවේ පුහුණු වැඩසටහන සඳහා සහය ලබාදෙන බවට පවසා තිබෙනවා. 
 
විදෙස් වාර්තාවලට අනුව ඉදිරි සති කිහිපය තුළදී ඇමරිකාව යුක්‍රේන ගුවන් නියමුවන් සඳහා මෙම පුහුණුව ආරම්භ කිරීමට නියමිතයි.
(colombotimes.lk)