සනත් නිශාන්තගේ මරණය සැක සහිත බව ජොන්ස්ටන් කියයි



අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

අද (22) පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ මෙම මරණය රිය අනතුරකින් සිදු වූවක් ද නැතහොත් මිනීමැරුමක් නිසා සිදු වූවක් ද යන්න තවමත් අපැහැදිලි බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ගොනු කර තිබෙන බවයි ඔහු පවසන්නේ.

එය මිනීමැරුමක් බව ඔප්පු වුවහොත් එම මරණය පිටුපස සිටින අය සොයාගෙන ඔවුන් නීතිය හමුවට පමුණුවා අවශ්‍ය දඬුවම් ලබාදීමට පියවර ගත යුතු බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කළා.

(colombotimes.lk)