අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙක්ට එරෙහිව ගොනුකර තිබූ නඩුව යළි විභාගයට ගෙන තිබෙනවා.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් ඉදිරිපත් කළ සාක්ෂිකරුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවූ බවයි වාර්තා වන්නේ.
වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ස.තො.ස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවලට යෙදවීම තුළින් රජයට පාඩු සිදු කළ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.
අදාළ නඩුවේ වැඩිදුර විභාගය ලබන 13 වනදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කළා.
(colombotimes.lk)