12 February 2026

logo

වාර්තා අතරට එක් වෙමින් බංගලාදේශ ක්‍රිකට් ආයතනයට නව සභාපතිවරයෙක්



බංගලාදේශ ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස Faruque Ahmed පත් කර තිබෙනවා.

ඒ බංගලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස පෙර කටයුතු කළ Nazmul Hassan එම ධූරයෙන් ඉල්ලා අස් වීම හේතුවෙන්.

ඩකා අගනුවර පැවති බංගලාදේශ ක්‍රිකට් ආයතනයේ රැස්වීමකදී මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.  

මේ අතර ඔහු වාර්තා අතරට එක්වන්නේ මෙතෙක් බංගලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට පත් වූවන් අතරින් ක්‍රිකට් ක්‍රීඩා කර ඇති එකම පුද්ගලයා ලෙසයි.

(colombotimes.lk)