01 June 2026

logo

ජාත්‍යන්තර කම්කරු සමුළුව අද ඇරඹෙයි



114වන ජාත්‍යන්තර කම්කරු සමුළුව අද (01) ආරම්භ වී තිබෙනවා.

ඒ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදීයි. 
 
'සමාජ සාධාරණත්වය ඉදිරියට ගෙන යමින්, සුනිත්‍ය රැකියා ප්‍රවර්ධනය කිරීම' මෙවර එහි තේමාව වනවා. 

මෙම සමුළුව අද (01) සිට 12වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. 

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමුළුවට සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)