තාවකාලිකව වසා දැමුණු කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව අද (5) උදෑසන 8 සිට ගමනාගමන කටයුතු සඳහා විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ ගංවතුර තත්වය පහව යාම හේතුවෙන් අධිවේගී මාර්ගයේ ධාවන කටයුතු සඳහා මාතර සහ කඩවත පිවිසුම් මාර්ග විවෘත කළ බවයි.
(colombotimes.lk)
