16 January 2026

logo

ඛනිජ තෙල් තොග ගැන කංචන කියයි



ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා IOC සමාගම් සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බැවින් ඉන්ධන හිඟය ගැන කලබල නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන්ධන මිල අඩුවීමක් අපේක්ෂාවෙන් ඉන්ධන පිරවුම්හල් හිමියන් විසින් ඇණවුම් ලබා නොදීම නිසා පවතින තත්ත්වය මතුව ඇති බවයි.

අවම තොග පවත්වා ගෙන නොගිය ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍රය සමාලෝචනය කර අත්හිටුවන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)