04 December 2025

logo

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් යළි වැසෙයි



විවෘත කර තිබූ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් රථ වාහන ගමනාගමනය සඳහා යළි සීමා කර තිබෙනවා. 

කෙසේවෙතත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එම ස්ථානයේ පරීක්ෂා කිරීමක් සිදුකරන බවත් එබැවින් අත්‍යාවශ්‍ය සේවා සහ ආපදා සහන ක්‍රියාන්විතයට අයත් රථ සඳහා පමණක් එම ස්ථානයෙන් ගමන් කිරීමට අවසර ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

කඩුගන්නාව නගරයෙන් මාර්ග බාධකයක් සහ ගනේතැන්න නගරයෙන් මාර්ග බාධකයක් යොදා අදාළ මාර්ග කොටස වසා දමා ඇති බව කඩුගන්නාව පොලීසිය සඳහන් කළා. 

(colombotimes.lk)