18 December 2025

logo

මහනුවර - නුවරඑළිය මාර්ගය යථා තත්ත්වයට



අධික වර්ෂාවත් සමඟ පස්කඳු කඩාවැටී ගමනාගමන කටයුතු අවහිර වී තිබූ මහනුවර - නුවරඑළිය මාර්ගය ඇතුළු මාර්ග 4ක් යථා තත්ත්වයට පත්කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් ප්‍රකාශ කළා. 

ඒ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (10) පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි.
 
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ මත ඉහත මාර්ගවල බර වාහන ධාවනයට විවෘත කරන බව එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියා. 

(colombotimes.lk)