16 October 2025

logo

කන්කසන්තුරේ වරාය සංවර්ධනයට ඉන්දියාවෙන් ඩොලර් ලැබෙයි



ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පාලනය වන කන්කසන්තුර වරායේ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 61.5 ක් ප්‍රදානය කිරීමට ඉන්දියානු රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ප්‍රකාශ කර තිබෙනවා.

එම ප්‍රදානය උපයෝගී කරගනිමින් කඩිනමින් කන්කසන්තුර වරායේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

මහ කොමසාරිස්වරයා සහ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අතර වරාය අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මෙම සංවර්ධන වැඩපිළිවෙල යටතේ වරාය තුළට විශාල නැව් සහ යාත්‍රා ඇතුලු කිරීමට මීටර 30ක් පමණ වරාය පතුළ ගැඹුරු කිරීමට සහ නව දිය කඩනයක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බවයි මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේ.
(colombotimes.lk)