15 February 2025


කන්කසන්තුරේ රාත්‍රී තැපැල් දුම්රිය අද සිට මොරටුවෙන් ගමන් අරඹයි



කන්කසන්තුරේ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය අද (14) සිට මොරටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම දුම්රිය මොරටුව දුම්රිය ස්ථානයෙන් සවස 6.55ට ගමන් ආරම්භ කර කොටුව දුම්රිය ස්ථනයට පැමිණෙන බවයි.

එමෙන්ම කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් එම දුම්රිය රාත්‍රී 8.00ට කන්කසන්තුරය බලා ධාවනය වීමට නියමිතව තිබෙනවා

 
(colombotimes.lk)